Wednesday, June 3, 2015

වාග්විද්‍යාව

භාෂාව
මිනිස් වර්ගයා විසින් නිර්මාණය කරන ලද විශිෂ්ටතම උපකරණය භාෂාවයි. මිනිසා උරුම කරගත් මහඟු දායාදය ද වන භාෂාව ඔහු විසින් සිදු කරනු ලබන සමස්ත කාර්ය ක්‍ෂේත‍්‍රය කෙරෙහි බලපාන තීරණාත්මක සාධකය ද වෙයි. මිනිස් ජීවිතයේ හදවත ද භාෂාවයි. (Language is at the heat of human life)මිත‍්‍ර සන්ධාන ගොඩනැගීම, මනාව පවුල හා සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, සම්බන්ධතා ගොඩ නැගීම, ආගමික දේශපාලනික විශ්වාස, අදහස් ආදිය දැරීම වැනි සුවහසක් කාර්ය මිනිසා විසින් සිදු කරනු ලබනුයේ භාෂාව මගිනි. ඇතැම් භාෂාත්මක නොවන කාර්ය සේ සැලකෙන ආහාර පාන සකස් කිරීම, ලිංගික කාර්ය, වාදනය වැනි කාර්ය ද භාෂාත්මක පදනම මත සිදු වෙයි. මේ නිසා භාෂාවෙන් තොර පුද්ගල කි‍්‍රයාකාරීත්වයක් අපේක්ෂා කිරීම දුෂ්කර ය.

‘‘භාෂා’’ යන්න කථා කිරීම යන අර්ථය සහිත භාෂ්ධාතුව හෙවත් කි‍්‍රයා මූලයෙන් උපන් කෘදන්ත රූපයකි. කථා කිරීම භාෂාවේ ප‍්‍රාථමික කාර්යය වන අතර ලේඛනය ද්විතීයක හා කෘති‍්‍රම වූයේ වෙයි. ලේඛනය හා භාෂණය භාෂාව ඉදිරිපත් වන ක‍්‍රම දෙකයි. ස්වභාෂකයකු (Native speaker) (සිය භාෂාව භාවිත කරනුයේ අවිඤ්ඤාණකව ය. එනම් භාෂකයා තමා භාෂාවක් දන්නා බව දන්නේ නමුදු දන්නේ කුමක් දැයි නොදනී. එනිසා භාෂාව යනු කුමක් ද? යන ප‍්‍රශ්නයට පරිපූර්ණ උත්තරයක් දීමට භාෂකයා අසමත් වෙයි. මේ හේතුව නිසා භාෂාව යනු කුමක් දැයි අධ්‍යයනය කිරීමේ කුතූහලය පෙර සිට පැවතිණි. නූතන විද්‍යාත්මක ශික්‍ෂණයන්ගේ දියුණුවත් සමග එම කුහුල කිසියම් විද්‍යාත්මක දත්ත හා ක‍්‍රමවේද ඔස්සේ අධ්‍යයනය කිරීමට පෙළඹිණි. එහි ප‍්‍රතිඵලය වාග්විද්‍යාවයි.

වාග්විද්‍යාව
වාග්විද්‍යා යනු භාෂාව පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනය යි. (Linguistics is the Scientific study of Langauge)  19 වන සියවසේ අග භාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ දී නූතන වාග්විද්‍යාවේ ආරම්භය සිදු විය. විද්‍යාත්මක අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් ලෙස දුරාතීතයකට උරුමකම් නොකීවද භාෂා අධ්‍යයනය සියවස් විසි තිස් ගණනක් ඉතිහාසයකට උරුමකම් කියයි. එම සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනයෙන් නූතන වාග්විද්‍යාව වෙනස් වනුයේ විද්‍යාත්මක දත්ත පදනම් කර විදුහුරු හා සත්‍යේක්‍ෂණය මත පදනම් වූ අධ්‍යයන ක්‍ෂේත‍්‍රයක් වන හෙයිනි. එනම් නූතන වාග්විද්‍යාව භාෂාව අධ්‍යයනය කරනුයේ විග‍්‍රහාත්මක ස්වරූපයකට වන අතර සාම්ප‍්‍රදායික භාෂා අධ්‍යයනය උපදේශාත්මක ස්වරූපයට අනුගත වෙයි. භාෂාව මෙසේ භාවිත කළ යුතුය, යන්න සාම්ප‍්‍රදායික ව්‍යාකරණයෙන් ඉගැන්වෙන අතර භාෂාව මෙසේ භාවිත කරන්නේය, යන්න වාග්විද්‍යාවෙන් ඉගැන්වෙයි.


වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනය
ෆර්දිනාන්ද් දී සොසුය්යෝ නම් ස්විස් ජාතික වාග්විද්‍යාඥයා සඳහන් කළ පරිදි භාෂාවේ සංස්ථිතිය ද විද්‍යාත්මක ක‍්‍රමයකට අධ්‍යයනය කළ හැකිය. යොසුය්යෝගේ පටන් සංස්ථිතික වාග්වේදීන් භාෂාවේ සංස්ථිතිය අධ්‍යයනය කරන ලදි. වාග්විද්‍යාත්මක භාෂා අධ්‍යයනයේ දී භාෂාව ශබ්ද විද්‍යාව, ශබ්දීම විචාරය, වාක්‍ය විචාරය, අර්ථ විචාරය, ප‍්‍රකරණාර්ථ විචාරය යන ක්‍ෂේත‍්‍ර ඔස්සේ භාෂා ශබ්ද (Phonetic), අර්ථ භේදයට තුඩු දෙන ශබ්ද, ශබ්දිම (Phoneme), පදිම (Mopheme), පද (word)" වාගාලප (utterance) අර්ථ (Meaning) වශයෙන් අධ්‍යයනය කෙරෙයි. මෙසේ භාෂාව විග‍්‍රහ කිරීම විග‍්‍රහාත්මක වාග්විද්‍යා (descriptive linguistics) ලෙස හැඳින්වෙයි.

ශබ්ද විචාරයේ දී (Phonology) භාෂා ශබ්ද පිළිබඳව මූලිකවම අධ්‍යයනය කෙරෙයි. එම ශබ්ද එකතුවෙන් ගොඩනැගෙන පද පිළිබඳ පදිම විචාරයේ (Morphology) අධ්‍යයනය කෙරේ. පද එකතුව පාද (Phrases) නිපදවීම ඒ ඇසුරින් වාක්‍යාංශ  (Clauses) හා වාක්‍ය (Sentences) නිර්මාණය වාක්‍ය විචාරයේ (Syntax) අධ්‍යයන කෙරෙයි. භාෂා අර්ථය අර්ථ විචාරයේ (Semantics) අධ්‍යයන ක්‍ෂේත‍්‍රයයි. ප‍්‍රකරණ විචාරය  (Pragmatics) තුළින් භෂා පාඨය හා අවස්ථාව  අර්ථවත් වීම යන්න අධ්‍යයනය කෙරේ. විශේෂයෙන්ම සංස්ථිතික වාග්විද්‍යාවේ දී භාෂාවකට  අනන්‍ය ලක්ෂණ හෙවත් පරාමිතීන් (Parameters) හා  සමස්ත භාෂාවන්ට පොදු වූ (Universal) ලක්ෂණ අධ්‍යයනය කිරීම සිදුවෙයි.

වාග්විද්‍යාවේ විෂය ක්‍ෂේත‍්‍රය
ඉහත දැක් වූ පරිදි ප‍්‍රස්තුත භාෂාවක සංස්ථිතිය අධ්‍යයනය කිරීම පමණක් වාග්විද්‍යාව නොවෙයි. භාෂාව සමස්ත මිනිස් කි‍්‍රයාකාරීත්වය කෙරෙහි සම්බන්ධ වන හෙයින් එහි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර ද අධ්‍යාපනය, මානව විද්‍යාව. ඉතිහාසය, සමාජ විද්‍යාව, භාෂා ඉගැන්වීම, මනෝ විද්‍යාව, දර්ශනය, පරිගණක විද්‍යාව, න්‍යුරෝන විද්‍යාව, කෘති‍්‍රම බුද්ධිය ආදි විවිධ ක්‍ෂේත‍්‍ර ඔස්සේ විස්තෘතියට පත්ව ඇත. එනිසා වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍රය ද වඩාත් පැතිරුණු ස්වරූපයක් දක්වන අතර වාග්විද්‍යාවේ අධ්‍යයන ක්‍ෂේත‍්‍ර දැක්වීම ද පහසු නොවේ.

ඓතිහාසික වාග්විද්‍යාව
භාෂාව ආරම්භය, වර්ධනය, භාෂා පවුල් පිළිබඳව හා කිසියම් ප‍්‍රස්තුත භාෂාවක ඉතිහාසය අධ්‍යයන කිරීම ඓතිහාසික වාග්විද්‍යාව  (historical Lingaistics) ලෙස සැලකෙන අතර භාෂා අධ්‍යයනයේ වඩාත් ප‍්‍රකට වූයේ ද එයයි.




සමාජ වාග්විද්‍යාව
භාෂාව හා සමාජය අතර පවතිනුයේ අවියෝජනීය සම්බන්ධතාවකි. මිනිසා සමාජයේ විවිධ අවස්ථා තුළ භාෂාවේ විවිධ ස්වරූප භාවිත කරයි. ඒ ඒ ප‍්‍රදේශ අනුව භාවිත කරන භාෂා ස්වරූප ද වෙනස් වෙයි. මෙසේ සමාජමය ප‍්‍රකරණය තුළ භාෂාවේ භාවිතය අධ්‍යයනය කිරීම සමාජ වාග්විද්‍යාව (sociolinguistics) ලෙස හැඳින්වෙයි.

මනෝ වාග්විද්‍යාව
භාෂා උත්පාදනය, සංජානනය, අවබෝධය යන කි‍්‍රයාවලිය පුද්ගල මනස හා සම්බන්ධ වෙයි. භාෂාවේ උක්ත කි‍්‍රයාවලියේ දී මනෝමය පදනම පිළිබඳ අධ්‍යයනය කිරීම මනෝ වාග්විද්‍යාව (Psycholinguistics) ලෙස හැඳින්වෙයි.

සංකථන විචාරය
භාෂණයේ හෝ ලේඛනයේ යෙදෙන  වාක්‍ය සාකච්ඡුා. සම්මුඛ පරීක්ෂණ, පරිච්ෙඡ්ද ආදි වශයෙන් විශාල ඒකක සකස් කිරීම පිළිබඳ කරනු ලබන අධ්‍යයනය සංකථන විචාරය (Discourse Analysis) නමින් හැඳින්වෙයි.

ව්‍යවහාරික වාග්විද්‍යාව
වාග්විද්‍යාවේ සාකච්ඡුාවට ලක් කෙරෙන ෙසෙද්ධාන්තික කරුණු ව්‍යාවහාර භාෂාව තුළ භාවිතා කිරීම ව්‍යවහාරික වාග්විද්‍යාව (Applied Linguistics) නම් වෙයි. මෙහිදී භාෂා ඉගැන්වීම, ජාතික භාෂා ප‍්‍රතිපත්තිය, භාෂා පරිවර්තනය, භාෂා සැලසුම්කරණය ආදි කාර්ය  අධ්‍යයනය කෙරෙයි.

පරිගණක වාග්විද්‍යාව
ස්වභාවික භාෂාවන් පිළිබඳ (පරිගණක භාෂාවන්ට වඩා - ජාවා* අධ්‍යයනය කිරීම පරිගණක වාග්විද්‍යාව (Computational Linguistics) නම් වෙයි. මෙහිදී මිනිසා ස්වාභාවික භාෂාවන් භාවිතා කිරීම මෙන්ම මිනිස් භාෂාව පිළිබ`ද ස්වයංකී‍්‍රය පරිවර්තනය(Automatic translation),  කෘති‍්‍රම භාෂණය (Artificial Speech) ස්වයංකී‍්‍රය හඳුනා ගැනීම (Automatic Recognition) ආදිය මෙහිදී සිදු කෙරෙයි.

රීති විචාරය
භාෂාව පිළිබඳ අධ්‍යයනය සාහිත්‍ය විචාරය හා සම්බන්ධ කෙරෙන ක්‍ෂේත‍්‍රය රීති විචාරය (Stylistics) නම් වේ. එහිදී කිසියම් සාහිත්‍යමය කෘතියක භාෂා භාවිතයේ නැගෙන විවිධ අර්ථ පිළිබඳව හා ක‍්‍රමවේද පිළිබඳ අධ්‍යයනය කිරීම සිදු කෙරෙයි. එසේම කිසියම් භාෂකයකු හෝ රචකයකු පාඨකයා හෝ ශ‍්‍රාවකයා කෙරෙහි පදනම්ව භාෂාව භාවිත කිරීම අධ්‍යයනය කෙරෙයි.

න්‍යුරෝන වාග්විද්‍යාව
භාෂාවක් භාවිත කිරීමේ දී සිදු වන මොළයේ කි‍්‍රයාකාරීත්වය පිළිබඳ අධ්‍යයනය කිරීම න්‍යුරෝන වාග්විද්‍යාව ලෙස හැඳින්වේ. මෙහිදී මිනිස් මොළයේ සංයුතිය  සන්නිවේදන, ව්‍යාකරණ කි‍්‍රයාවලීන් කෙරෙහි කි‍්‍රයාත්මක වන ආකාරය අධ්‍යයනය කෙරේ.

මීට අමතරව භාෂා ආබාධ හා සායනය පිළිබඳ කරනු ලබන සායනික වාග්විද්‍යාව(Clinical Linguistics)" පුද්ගලයා තුළ භාෂා ශක්‍යතාව පිළිබඳ අධ්‍යයනය කරන ප‍්‍රවර්ධක වාග්විද්‍යාව(Developmental Linguistics)" අධිකරණ කාර්යයන්හි දී භාෂාව භාවිත කිරීම පිළිබඳව කෙරෙන අධිකරණ විෂයක වාග්විද්‍යාව(Forensic Linguistics)" වැනි අධ්‍යයන ක්‍ෂේත‍්‍ර මෙන්ම උපභාෂා විචාරය, ශබ්දකෝෂකරණය, මානවවිෂයක වාග්විද්‍යාව වැනි ක්‍ෂේත‍්‍ර ගණනාවක් වාග්විද්‍යාවේ දී අධ්‍යයන කෙරේ. භාෂණ චිකිත්සාව  (Speech therapy) වැනි ක‍්‍රමවේදයන් ද අධ්‍යයනය කෙරේ.

මේ අනුව දශක කිහිපයක ඉතිහාසයකට උරුමකම් කියන නූතන වාග්විද්‍යාව  අද්‍යතන විද්‍යාත්මක ලෝකයේ  දියුණු විෂයක් ක්‍ෂේත‍්‍රයක් ලෙස අතිශය ව්‍යාප්තියට පත්ව ඇත.


කුරුපිට අස්සජිතිස්ස හිමි


වාග්විද්‍යා පර්ෂදය. වාග්විද්‍යා අධ්‍යයනාංශය. කැලණිය විශ්වවිද්‍යාලය.

Tuesday, June 2, 2015

What is Linguistics? A Brief description on Linguistics.

Every human being uses a language in their day to day conversation, but nobody in the world can find a complete, proper answer for the question “what is language? “. As a rule, they try to answer the question with examples from language functions. For instance, they say that they do these things with a language. And also they probably focus a special language to answer the question such as English, Sinhala, Tamil etc. They probably mention a language without the language. („A Language‟ means a special language. „The language‟ means language in general.) Hence, their answer is not totally correct and complete. That is because language is difficult to define at all. Therefore, most of the linguists did not try to give a strict definition of language. But the generally accepted definition of language is,
“A language is a system of arbitrary vocal symbols by means of which a social group co-operates.”
(Outline of linguistics analysis by G.L.Tragere & Bloch)
According to the above mentioned definition of Georg.l.Tragere and Bernard Bloch‟s , four main properties of language have been highlighted. They are:
i. Language is a system.
ii. Language is a system of symbols.
iii. Language is a system of vocal symbols.
iv. Language is a system of arbitrary vocal symbols.
This is the inner structural analysis of language. The following definition shows the function of language which is the “social group cooperation”. All the above (factors) are the major qualities of human language. Moreover, the definition of language given in Encyclopedia Britannica seems a close correspondence.
“Language is a system of arbitrary vocal symbols by means of which human beings as members of a social group and participants in a culture interact and communicate.”
(g.L.Trager, Encyclopaedia Britannica)
On the other hand, according to Charles f.Hockett, there are some other properties also in human language, such as,
I. Duality -(existence of phonetics and grammatical systems)
II. Productivity-(competence)
III. Arbitrariness-(conventional meaning of language)
IV. Interchangeability-(changing roles of speaker and hearer)
V. Specialization-(irrelevance between stimulus and response)
VI. Displacement-(irrelevance or displacing of time and situation.)
VII. Cultural transmission-(transmitting one generation to another.)
Aforesaid properties will not be discussed further in this article, as this is a basic study of Linguistics .
Thus, Human beings use language to communicate with each other and also to express their emotions, feelings, thoughts and ideas as much as possible throughout their life. The language is used not only for expressions but also for self-communication.
 LINGUISTICS.
What is linguistics? The answer for this question is generally explained as “Linguistics is the scientific study of language.” Here we use the word “language” in general because if we specialize a particular language, we would say as we study English, Tamil, or we are studying English, Tamil etc. Linguists (linguist is the person who studies the language.) study the language as an abstract concept. So, they are unable to say that they study an individual language. But they use some languages to continue their process with evidence.
The word “Linguistics” is derived from the Latin word “lingua” (tongue) and “istics” (knowledge or science). Earlier, the study of language had been identified as Philology. The Swiss linguist Ferdinand de Saussure has largely responsible for changing the course of linguistic study in the late 19th and early 20th centuries. Ferdinand de Saussure broke new ground by drawing the distinction between Diachronic and Synchronic linguistics. (The new
Encyclopaedia Britannica- Linguistics.) According to Robins;
“Linguistic is concerned with human language as a universal and recognisable part of the human behaviour and of the human faculties perhaps one of the most essential to human life as we know it and one of the most far reaching of human capabilities in relation to the whole span of mankind‟s achievement.”
Here, we have already understood what the Linguistics is .In brief, linguists try to distinguish and describe the language based on scientific rules. On other word, they try to describe the nature of language rather than learning a language. The differences between learning language and Linguistics are,
Linguistics is the scientific approach into language. The reason that Linguistics is to be a scientific approach to language is linguists use scientific methods to describe the structure of language. According to scientists, if some facts can be verified there are acceptable or considered scientific. So, Verification is the major concept of the scientific study. As a scientific study of language, Linguistic concepts can be verified by every linguist in the same way. Thus, linguists study the language as an objective phenomenon.
The main scope of linguistics is Language. As a result of Linguistic researches, Language has been derived into 6 levels. Phonemes.
 Mophemes.
 Words.
 phrases.
 clauses.
 Sentences or utterences.
Linguistics
Learning language
 The field is the language.
 The field is a language.
 Study the nature of language.
 Study the rules of a language.
 Use the descriptive methods of studying.
 Use the prescriptive methods of studying.
As an andactic catagories of Linguistics , we can reset them in the following manner;
 Phonetics and Phonology.
 Morphology.
 Syntax.
 Semantics.
 Pragmatics
PHONETICS studies the sounds of languages or system of articulatory phonetics. It studies the places of articulation and manners of articulation and how the sound fall into different categories. For example here we can refer to the chart of phonetics alphabet (IPA).
IPA is the phonetic representation of all human languages in general. All the sounds in human language are included in it. Furthermore, phonetics has been classified as consonants, vowels and suprasegmentals. Phonology is the study of sound combination in language as form syllables‟ or larger units than speech sounds and the distributions of language sounds.
MOPHOLOGY is concerned the word formation of language. The minimal and meaningful units of the language are morphemes. Linguistic criteria for identifying morphemes are:
 Are they minimal?
 Are they meaningful?
Morphemes can be together to make a new word. Some morphemes are bound,
prefixes are un-, in-, ill-, re-, co-,
suffixes are -tion, -able,-ful, -ing,-s,-er,
infixes are -m-, -n- (in proto-Indo-European verbs).
and other are free (dog, man, go, tree).As instance ,the word “carelessness” has one free morpheme and two bound morphemes (care+less+ness). The word “girl” has an only one morpheme (girl) so, it is a morphemic word. On the other hand, the morpheme “pen” is made up by the
sounds /p/, /e/, and /n/. The combination of these three sounds makes a one morpheme “pen”. By using inflectional suffix “s” according to morphological process, the word “pens” can be made up which has two morphemes (pen+ -s). So morphology concerns the combination of morphemes from single morpheme to word.
SYNTAX starts where morphology ends. Syntax is the study of word combination to form phrases, from phrases to clauses and finally sentences or utterances. syntax also involves the rules of syntactic gatherings. Syntax mainly focuses in evidence.
 Grammaticality.
 Acceptability.
A sentence should be not only grammatical but also acceptable or meaningful. As an illustration of this point we can use a sentence given by Noam Chomsky, an American linguist. “Colourless green ideas sleep furiously”. This sentence is grammatically correct (Adj+Adj+N+V+Adv) but meaningless. On the other way, syntax means “sentence construction”. Thus, syntax is the study of ways which can be occurred in a grammatical and meaningful syntactic construction.
SEMANTICS is the study of meaning in language. Earliest philologists did not believe so, semantics or study of meaning as an analytic level of Linguistics. They believed that because meaning of language was studied by Philosophers, Logists and others. They said that the meaning of language belongs to their studies called philosophy, logic, etc. But few centuries‟ latter grate linguists C.J.Fillmore, Noam Chomsky etc., realised that the meaning is the inner or deep structure of language and also substance. In the modern linguistics, linguists concern to study the meaning as an independent field. However, semantics is the study of meaning of a word, phrase or a sentence in Language. In the other words, it is a study of relations between Referents and Referends or Signifier and signified. Meanings of words or other linguistic units in language are related to human mind, so semantics is a strict mental process. In the human communication hearer encode the meaning of what speaker decode. If they are native speakers they only focus their attention to the meaning of their expressions rather than sounds, phrases or sentences. Semantics is the soul of language. Semantics was concerned further after the development of Noam Chomsky‟s theory on Semantics called the Transformational Generative Grammar.
PRAGMATICS is another way to study the meaning of language. Pragmatics studies about context meaning. It can be defined as “The study of the way in which language is used to express what some body really means in particular situation especially when the actual words used may appear to mean something different”. I this way, Pragmatics is the study as to how utterances relate to the context they are spoken in. For an instance, the answer “I have two houses “can be connected to few different question. That answer may be related to the question. Such as:
 How many houses have you got?
 Have you got a house?
 Haven‟t you got a house?
Hence, the communication of human beings is defended on context of we speak in. Idioms in English are also related with pragmatics. In Sinhala language, proverbs “Prastawa Pirulu” are the examples for pragmatics. As another clear example, the sentence “The cold wave is coming through the window” means “shut the window”. That is pragmatics.
Both Semantics and Pragmatics study the meaning, but the different is that while semantics attempts to relate meaning to logic and truth, pragmatics endeavours to relate meaning with the context of utterance. So, sentence relates with semantics and utterance relates with pragmatics. The pragmatics was first hypothesised by J.L.Austin in his book “How to do things with words”.
 Branches of Linguistics.
Linguistics is a most famous subject in the today‟s world. It has been divided into many branches in the latter of 19th century. Some of them have been listed below;
 Sociolinguistics.
 Ethno linguistics.
 Historical linguistics.
 Psycholinguistics.
 Micro linguistics.
 Neurolinguistics.
 Anthropolinguistics.
 Applied linguistics.
 Geographical linguistics.
 Computational linguistics.
 Stylistics.
 Lexicology.
In conclusion, we can infer that Linguistics is a scientific study of language. It is only descriptive not prescriptive. Accordingly Linguistics distinguishes every kind of language in the above ways. Its main purpose is to analyse language in the correct way.

BIBLIOGRAPHY
i. Lyons, J., Language and Linguistics -An Introduction, Cambridge University Press, UK, 2009.
ii. Yule, G., the Study of Language, Cambridge University Press, UK, 2010.
iii. Radford, A, Atkinson, M, Britain, D, Clahsen, H, and Spence, A, Linguistics-An Introduction, Cambridge University Press, UK, 2011.
iv. Tallerma, M, Understanding Syntax, an Hdder Viva Edition, New Delhi, 2011.
v. Lanrson, K, R, Grammar as Science, PHI learning Private Limited, New Delhi, 2011.
vi. Akmajion, A, Demers, R.A, Farmer, A.K, Harnish R.M, Linguistics and Communication, PHI learning Private Limited, New Delhi, 2012.
vii. Odden, D, Introducing Phonology, Cambridge University Press, UK, 2008.
viii. Syal, P, Jindal, D, V, An Introduction to Linguistics, PHI learning Private Limited, New Delhi, 2013.
ix. Hall, C.J, An Introduction to Language and Linguistics, Viva book Private Limited, New Delhi, 2008.
x. Prasad .A , A Course in Linguistics, PHI learning Private Limited, New Delhi,2008.
Ven.Kurupita Assajitissa,
Department of Linguistics,
University of Kelaniya,
Dalugama.